ඇති වී තිබෙන Covid වසංගත තත්වයත් සමඟම, Salon එකකට ගිහින් facial එකක්, clean up එකක් කර ගන්න කෙනෙකුට තරමක් සැක සහිත වෙන්න පුළුවන්. මේ හේතුව නිසා Salon එකේ මගේ දවස පෙරට වඩා ටිකක් නිදහස් වෙලා තියෙනවා. ඉතින් මම හිතුවා ඔබේ සමට ගෙදර ඉදන්ම ස්වාභාවික කෝමාරිකා යොදාගෙන Glow එකක් ලබාදෙන Natural treatment එකක් කියලා දෙන්න.
වයස හෝ ස්ත්රී පුරුෂ භේදයකින් තොරව අපි හැමෝම කැමති ලස්සන වෙන්න. විශේෂයෙන් කාන්තාවන් ඔවුන්ගේ පැහැපත් බව සුරැකීමට නොකරන දෙයක් නෑ. ලස්සන පැහැපත් මුහුණක් කියන්නේ සෑම කාන්තාවකගේම සිහිනයක්. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ ඕනෑම සමකට සුදුසු ස්වාභාවික සත්කාරයක්. ඒ තමයි කෝමාරිකා අයිස් කැට ප්රතිකාරය – Aloe Vera Ice Cube Treatment.
- පියවර 01
කෝමාරිකා ශාකයේ පහළ කොටසේ සිට හොඳින් වැඩුණු පත්රයක් කපා ගන්න. මතුපිට ඇති මඩ හෝ දූවිලි ඉවත් කිරීමට හොඳින් සෝදා ගන්න
- පියවර 02
කපාගත් කෝමාරිකා පත්රය අඟල් දෙකේ කැබලි වලට කපා ගන්න. ඔබට දෙහි ද එකතු කළ හැකිය
- පියවර 03
පිහියක් භාවිතයෙන් දෙපස කටු සහිත කොටස් කපන්න.
- පියවර 04
පිහියක් ආධාරයෙන් කොළ පැහැති පිටත පෘෂ්ඨය ඉවත් කරගන්න. ඇතුලත ඇති ජෙල් සහිත කොටස රූපයේ පරිදි ඉවත් කරගන්න.
කපා ගත් කෝමාරිකා ජෙල් සහිත කොටස්,
- පියවර 05
කෝමාරිකා ජෙල් සමඟ දෙහි බින්දු කිහිපයක් එකතු කර හොඳින් Blend කර ගන්න. සකස් කරගත් කෝමාරිකා යුෂ Ice tray එකට දමා Freeze වෙන්න ඉඩ හරින්න.
Freeze කිරීමෙන් පසු
- පියවර 06
අයිස් කැට සූදානම් වූ පසු කැට 02 ක් ගෙන ඔබේ මුහුණ සහ බෙල්ලේ ප්රදේශය මෘදු ලෙස සම්බාහනය කරන්න. සෑම දිනකම උදේ හෝ සවස දිනකට වරක් මෙම ප්රතිකාරය කරන්න.
සති 02 කට පමණ පසු ඔබේ සමට පැහැපත් සහ දීප්තියක් පෙනෙනු ඇත.
ඔයාලත් මේ Treatment එක try කරලා හොදනම් comment එකක් දාන්න.